Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post

ඊයේ දිනයේ පියුමි බොතේජු හට පහර දීමක් සම්භන්ධයෙන් අප පල කල පුවත පිළිබදව තම අදහස් දැක්වීමට පියුමි  හා දුරකථනයෙන් සම්භන්ධ වූවා. ඇය එහිදී කියා සිටියේ මෙවැන්නක්.

"මට කිසිම විදිහකින් පහර දීමක් සිද්ධ උනේ නැහැ. ඒක බොරුවක්. අයියා මංජුල බුද්ධදාසට මේපාර ඡන්දෙදි උදව් කරන නිසා මේක කවුරු හරි ගොතපු බොරුවක්. හැබැයි මෙහෙම දෙයක් උනා. සෙල්ලම් කරන ළමයි වගයක් එයාලගේ බොලේ අපේ වහලෙට ගියා කියලා ඉණිමගකුත් තියලා වහලෙට නැගලා. මේක හරි වැඩක්නෙ. එහෙම ඉතිං හොරෙක්ට උනත් එන්න පුළුවන්නෙ. ඉතිං මම ඒ වෙලාවෙම 119 කෝල් කරලා පොලීසියට කිව්වා. පොලීසියෙන් ඇවිත් පැමිණිල්ලක් සටහන් කරගත්තා. පොලීසියෙන් ආපු වෙලාවෙත් අයියා එතන හිටියා. එච්චරයි උනේ. අපි හරිම සතුටින්, සාමකාමීව ඉන්නවා. "

නමුත් ඊයේ දිනයේ පියුමි පහදීම ප‍්‍රතික්ෂේප කලා පමණක් නොව අතුරුගිරිය පොලීසියේ කිසිදු පැමිණිල්ලක් සිදු නොකල බවත් අවශ්‍ය නම් ඒ පිළිබදව සොයා බලන ලෙසත් පැවසුවාය. අද වන විට ඇය පැමිණිල්ලක් කලත් ඒ වෙනත් කාරණයක් සම්භන්ධයෙන් බව පවසයි. අප අතුරුගිරිය පොලීසියෙන් කල විමසීමේදී ඇය කල පැමිණිල්ලක් සටහන්ව ඇත. කෙසේ වෙතත් තමන්ට කරුණුකීමේ අයිතිය තහවුරු කරමින් පියුමිගේ අදහස් වලට අප මෙසේ ඉඩ ලබා දෙන්නෙමු

එහි මුල් පුවත මෙතැනින්,


මන්ත්‍රීවරයෙක් පියුමි බොතේජුට ගහලා


0 comments:

Post a Comment