Breaking News
Loading...
Thursday, March 20, 2014

Info Post
මෝර්ෆීන් වලටත් වඩා ප‍්‍රබල වේදනානාශකයක් ගොළුබෙල්ලන්ගේ විෂ ඇසුරින් නිපදවීමට  ඕස්ටේ‍්‍රලියා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

මෙම වේදනා නාශකය කුමන ආකාරයේ වේදනා නාශක ගත්තද දිගින් දිගටම වේදනා විදින රෝගීන්හට මහත් අස්වැසිල්ලක් ගෙන දෙනු ඇතැයි ඔවුහු කියති.
මෙම සොයාගැනීම පදනම් වූ නව ඖෂධ වර්ගද නිපදවීමේ හැකියාව ඇතැයිද ඔවුහු පෙන්වාදෙති.
නව වේදනා නාශකයේ විශේෂත්වයක් වනුයේ එය මුඛයෙන් ගිලින පෙත්තක වුවද අඩංගු කළ හැකිවීමයි.මෝර්ෆීන් වැනි දැනට භාවිතයේ ඇති වේදනානාශක බොහෝමයක් සිරුරට එන්නත් කර ලබා දිය යුතු ඒවා වේ.
ඉදිරියේදී තවත් පරීක්ෂණ සිදුකර වැඩිදුර තොරතුරු හෙළි කරන බව විද්‍යාඥ පිරිස කියති.

0 comments:

Post a Comment