Thursday, March 20, 2014

Info Post
මියගිය තම ආගමික නායකයා ගැඹුරු සමාධියක පසුවන්නේයැයි සිතා ඔහුගේ මළසිරුර ශීත කර තබාගෙන සිටිනා අනුගාමිකයෝ පිරිසක්   ඉන්දියාවේ සිටිති.
අෂුටොෂ් මහාරාජ් නම් වන මෙම  නායකයා ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘දිව්‍ය ජෝති ජගාර්ති සන්ස්තන්‘ (ආත්මීය ආලෝකය සොයා යෑමේ මෙහෙයුම) නම් සංවිධානයේ නායකයා වේ. ලක්ෂ 300 කට අධික අනුගාමිකයින් සංඛ්‍යාවක් ඔහු වටා එක්රැස්වී සිටින බව සදහන්ය.
පසුගියදා අයහපත් අසනීප තත්ත්වය හමුවේ රෝහල් ගත කළ ඔහු පසුව මියගිය බව වෛද්‍යවරුන් නිවේදනය කළද එය පිළිගැනීමට කැමති වූයේ ඔහුගේ අනුගාමිකයින් නම් නොවේ.ඔවුන් විශ්වාස කළේ තම නායකයා ගැඹුරු සමාධියකට වැදී සිටින්නේ බවයි.
යෝගීන් සමාධිගත වීම සදහා හිමාලයේ අධික ශිීතලෙන් යුතු වන වනපෙත් කරා යන බැවින් තම නායකයාටද එවන් පරිසරයක් සාදාදීමේ අරමුණින් මෙසේ ඔහුගේ සිරුර ශීත කළ බව අනුගාමිකයින් කියයි.

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.