මෙම ප්‍රසිද්ධ ඡායාරූපය ඇමෙරිකාවේ ටයිම්ස් චතුරශ්‍රයේදී ගන්නා ලද ඡායාරූපයක් වන අතර දෙවනි ලෝක යුද්ධ සමයේ ඇමෙරිකාව ජපානය පරාජය කිරීමේ පුවතත් සමඟ ප්‍රීතියෙන් පිනා ගිය ඇමෙරිකානු නැවියෙක් ආගන්තුක කතක් සිප ගන්නා ආකාරය එහි දැක්වෙනවා.
අල්ෆ්‍රඩ් අයිෂන්ෂ්ටෙඩ් විසින් ගන්නා ලද මෙම ඡායාරූපය ඉන් සතියකට පසුව ටයිම්ස් සඟරාවේ පළවී තිබෙනවා. කෙසේවෙතත්, එම ඡායාරූපයේ හමුවන නැවියා මැක්ඩෆී බව හඳුනාගත්තේ මීට වසර 6කට පෙරය.
හූස්ටන් පොලිස් දෙපාර්තමේන්තුවේ චිත්‍ර ශිල්පී ලුයිස් ගිබ්සන් විසින් 80 හැවිරිදි මැක්ඩෆී කොට්ටයක් සිප ගැනීමට සළස්වා ගන්නා ලද ඡායාරූප 100ක් පමණ අධ්‍යනය කිරීමෙන් අනතුරුව එම ඡායාරූපයේ සිටින්නේ මැක්ඩෆී බව තහවුරු කර ඇත.



0 comments:
Post a Comment