Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post
ළමයකුගේ උප්පැන්න සහතිකයක් අදාළ ළමයාගේ මවට නොගොස් වෙනත් මවකට තැපෑලෙන් පැමිණි සිදුවීමක් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය. තමන්ගේ දරුවාගේ උප්පැන්නය තැපෑලෙන් එනතුරු ඇය මග බලාගෙන සිටියාය. මාස තුනහමාරක පමණ කාලයක් මේ වනවිට ගතවී තිබුණි. පසුගිය දින මේ මවගේ නමටත් ඇගේ සැමියාගේ නමටත් ලිපි දෙකක් පැමිණ තිබිණි.
දරුවාගේ මව එම ලිපි දෙක අතට ගත්තේ ළමයාගේ උප්පැන්න සහතිකය එහි ඇතැයි විශ්වාසයෙනි. ඇය මුලින්ම තමන්ගේ නමට ආ ලිපිය විවෘත කර බැලීය. එහි උප්පැන්නයක් තිබුණි. මවට සතුටක් ඇතිවූයේ තම කුළුදුල් දරුවාගේ උප්පැන්නය නිසාය.
ඇය උප්පැන්න සහතිකයේ ඇති නම සඳහන් තීරය දෙස ඇය බැලීය. ඇයට අදාහාගත නොහැකි විය. එහි සටහන්ව තිබුණේ යටියන්තොට පනාවත්ත ප‍්‍රදේශයේ මව්පිය දෙපළකට දාව උපන් දරුවකුගේ නම සටහන් උප්පැන්නයකි.
ඇය නැවත තම ස්වාමියාට ආ ලිපිය විවෘත කර බැලූවේ තමන්ගේ දරුවාගේ උප්පැන්නය එහිවත් තිබේදැයි සැකේටය. හරි පුදුමයකි. එම ලිපියේ තමන්ගේ දරුවාට අදාළ නිවැරදි උප්පැන්න සහතිකය තිබුණි.
කාගේ හරි දරුවෙකුගේ උප්පැන්නයක් එනතුරු මව්පියන් නොවිසිල්ලෙන් බලා සිටින බව තේරුම් ගත් මෙම මව තමන්ට අදාළ නැති උප්පැන්නය තැපැල් මහතාට නැවත භාරදුනි.
තැපැල් මහතා එය තමන්ගේ වියදමින් අදාල මව්පියන්ගේ නමට තැපැල් කර හැරීය.

0 comments:

Post a Comment