Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post



























පුද්ගලයන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු 
දෙවන සතියටත් එළඹෙද්දී ඒ පිළිබඳ විවිධ මතවාද පැතිරෙමින් පවතිනවා. අද (17) එලෙස
 පැතිර ගිය එක් රාවයක් වූයේ ඇමරිකානු ගුවන් ආරක්ෂක බලකාය විසින් අතුරුදන් වූ යානය
 ස්වංක‍්‍රීයව හසුරුවා ඉන්දීය සාගරයේ ඇමරිකානු හමුදා මූලස්ථානයක් වූ දියේගෝ ගාර්ෂියා
 දිවයින් පෙළට ගොඩ බස්සවා ඇති බවයි. ගුවන් යානයේ න්‍යෂ්ටික හෝ ජීව විද්‍යාත්මක අවි
 වලට සම්බන්ධ ද්‍රව්‍ය අඩංගු වී ඇති බව ද ලැබුණු තොරතුරක් මත මෙලෙස එය ඇමරිකාව
 විසින් වෙනතකට යොමු කර ඇති බවයි එම වාර්තාවල සඳහන් වූයේ. කෙසේ නමුත්, 
ක්වාලාලාම්පූර් නුවර අද පැවැති මාධ්‍ය හමුවේදී මැලේසියානු බලධාරීන් දියේගෝ ගාර්ෂියා
 වාර්තාව මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කළා. ඇමරිකානු එෆ්.බී.අයි. පරීක්ෂකයන් යානය 
අතුරුදන් වූ දින සිටම තමන් සමඟ එක්ව කටයුතු කරන බවයි ඔවුන් කියා සිටියේ.


පරීක්ෂණ කටයුතු සඳහා චීනය සහ ප‍්‍රංශය ද එක්ව සිටින අතර පරීක්ෂණ කලාපය මධ්‍යම
 ආසියාවේ කසක්ස්ථානයේ සිට ඉන්දීය සාගරයේ දකුණුදිග කලාපය තෙක් පුළුල් කර තිබෙනවා.
 රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් සිය නෞකා, නිරීක්ෂණ ගුවන් යානා ආදී සම්පත් යොදා
 ගනිමින් ගුවන් යානය සෙවීමේ මෙහෙයුම්වලට එක්ව සිටින නමුදු මෙතෙක් යානය පිළිබද
 කිසිඳු හෝඩුවාවක් ලැබී නැහැ. අද වාර්තා වූ තවත් කරුණක් වූයේ ගුවන් යානය අතුරුදන්වීමට
 පෙර නියමුවන් ලබා දුන් අවසන් පණිවුඩයයි. එහිදී ඔවුන් සුබ රාත‍්‍රියක් යැයි පැවසීමත් සමඟයි
 යානයේ පද්ධති අකි‍්‍රය වී ඇත්තේ. යානයේ මැලේසියානු නියමුවන් පිළිබද දැන් විශේෂ
 පරීක්ෂණයක් පැවැත්වෙන අතර ඔවුන්ගේ නිවෙස්වලට ද ගොස් තොරතුරු ලබාගෙන තිබෙනවා. 
මේ අතර, යානය අතුරුදන්වීම ත‍්‍රස්ත කි‍්‍රයාවකට සම්බන්ධ දැයි ඇමරිකානු බලධාරීන් දැන් 
විශේෂයෙන් සොයා බලමින් සිිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
උපුටා ගැනීම ; හිරු NEWS

0 comments:

Post a Comment