.jpg)
මේ දිනවල පුංචි තිරයේ ජනප‍්‍රියම පෙම්වතා ඔහුය. 2013 වසරේ ජනප‍්‍රියම නළුවාට හිමි සම්මානය හිමිකරගත්තේද ඔහුය. හැඩකාර පෙනුම නිසාම ඔහුට සිතින් පෙම් බැඳි තරුණියන් බොහෝ වන්නට පුළුවන. එහෙත් කන්ද උඩරටින් පැමිණ පුංචි තිරය හැඩකරන මේ සුන්දර තරුණයාගේ ආදරය දිනා ගත්තේ එරන්දි හල්කවිදානය.
ඔහු කවුරුද යන්න ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු විශ්ව කොඩිකාරය.
ඔහු කවුරුද යන්න ඔබට අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු විශ්ව කොඩිකාරය.
”විශ්ව හා එරන්දි” අතර විවාහය පසුගියදා කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේදී පැවැත්විණි. විශ්වට එරන්දි හමුවුණේ කොහොමද? ඒ සැබෑ වූ ආදර කතාව ගැන කියන්නට අපි එරන්දිට ඇරියුම් කළෙමු.

.jpg)
මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. පවුලේ එකම දරුවා මමයි. කුඩා කාලයේදීම පදිංචිව සිටියේ ඕස්ටේ‍්‍රලියාවෙ. වයස අවුරුදු අටේදී විතර නැවත ලංකාවට ඇවිත් මියුසියස් විද්‍යාලයේ වසර කීපයක් ඉගෙන ගත්තා. ආයෙමත් ඕස්ටේ‍්‍රලියාවට ගිහින් උපාධිය තෙක් ඉගෙන ගෙන එහේ පදිංචිව සිට නැවත ලංකාවට ආවේ පසුගිය අපේ‍්‍රල් මාසයේදීයි.
.jpg)
සරත් චන්ද්‍රසිරි අංකල් (ප‍්‍රවීන රංග ශිල්පී* අපේ පවුලේ හිතවතෙක්. ලංකාවට නිවාඩුවකට ඇවිත් හිටපු දවසක සරත් චන්ද්‍රසිරි අංකල් හමුවන්න අපේ ගෙදර අයත් එක්ක ගියා. සරත් අංකල් හිටියෙ රූගත කිරීමක. එදා ඒ රූගත කිරීම්වලට බිමල්, හිමාලි අක්කා වගේම විශ්වත් සහභාගි වෙලා හිටියා. ඉතින් එදා සරත් අංකල් එයාලට අපිව හඳුන්වලා දුන්නා. එදා විශ්ව ගැන කිසිම විශේෂ හැඟීමක් ඇති වුණේ නැහැ. හැබැයි එදා මගේ යාළුවෙකුට එයා එක්ක පිංතූරයක් ගන්න ඕනෑ වුණා. ඒ පිංතූරය අරන් දුන්නෙ මමයි.
.jpg)
එදා ඒ හඳුනා ගැනීමෙන් දවස් දෙක තුනකට පස්සෙ විශ්ව සරත් චන්ද්‍රසිරි අංකල්ගෙන් අපේ දුරකථන අංකය අරගෙන කතා කළා. මාව දැකපු දවසෙම එයාට මා ගැන කැමැත්තක් ඇති වූ බව කීවා.
.jpg)
ඇත්තටම කතා කරපු මුල්ම දවසෙම මටත් විශ්ව ගැන ලොකු පැහැදීමක් තිබුණෙ. ඉන්පස්සෙ අපි දිගටම වගේ දුරකථනයෙන් කතා කළා. දෙන්නට දෙන්නගෙ අදහස් ගැලපෙන බව තේරුම් ගියා.

.jpg)
අඳුරන අය මාර්ගයෙන් විවිධ යෝජනා ඇවිත් තිබුණා. නමුත් මේ විදියට ඇවිත් තිබුණෙ නැහැ.
.jpg)
විශ්වගෙන් මේ යෝජනාව එන කොට අපේ ගෙදරින් මට විවාහයක් ගැන සොයමින් සිටියෙ. විශ්ව ඇත්තටම හොඳ කෙනෙක්. ආගමට දහමට ලැදි අද කාලයේ බොහෝ තරුණයින් වෙතින් දකින්න නොලැබෙන යහපත් ගතිගුණ ඇති චරිතයක්. ඉතින් මම වගේම අපේ ගෙදර අයත් විශ්වට කැමැති වුණා.
.jpg)
ඔව්. දෙමාපියන් ඒවා බැලූවා. හොඳට ගැලපුණා. ඇත්තටම අපේ විවාහ චාරිත‍්‍ර පවා අපි අකුරටම කළා.
.jpg)
නැතුවාම නොවෙයි. ගොඩක් අය එක එක දේ කිව්වා. ඒත් විශ්ව මට සියයට සීයක් නොවෙයි දාහක්ම විශ්වාසයි. අනෙක මම කටකතා විශ්වාස කරන්නෙ නැහැ. විශ්වයි මායි අතර රහස් නැහැ. අපි දෙන්නට දෙන්නා සියලූ දේ බෙදා හදා ගන්නවා. සඟවන දේවල් නැහැ.
.jpg)
මම විශ්ව හඳුනා ගත්තෙත් ටෙලිනාට්‍යයේ පෙම්වතා චරිතය නිසයි. එතකොට ඊර්ෂ්‍යාවක් නොතිබුණාට එයා එක්ක යාළු වුණාම ඊර්ෂ්‍යාවක් ඇතිවුණා. නමුත් විශ්ව මට සියල්ල ගැන වටහලා දුන්නා. මම තේරුම් ගත්තා ඇත්තටම අද එයා තව තවත් චරිත රඟපානවට මම ආසයි. ඒවා දැකලා මාත් හරියට සතුටු වෙනවා.
.jpg)
මගේ මූලික අරමුණ වුණේ වයස 21 වෙද්දී උපාධියක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන කටයුතු කළා. ඒ නිසා පෙම් සබඳතා නම් තිබුණෙ නැහැ.
.jpg)
.jpg)
විජය මාලනි යුවළයි. හැබැයි අද නම් මට මගේ ප‍්‍රියතම නළුවා මගේ මහත්තයායි.
.jpg)
කොහෙත්ම නැහැ. මම වඩා කැමැති උගත් අංශය වන නිර්මාණාත්මක කලාව අනුව යමක් කරගන්නයි. මම අධ්‍යාපනය කළේ අලෙවිකරණය සහ මාධ්‍යයට සම්බන්ධ උපාධිය වෙනුවෙනුයි.
”මුලින්ම නම් මට එරන්දි දුටුවාම ආසාව සමග වූ හැඟීමක් ඇති වුනේ. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. නමුත් පසුව ගතිගුණ ගැන තේරුම් ගනිද්දි මේ තමයි මගේ ගමනාන්තය කියලා හිතුණා. මගේ වැරදි දේ එයා දුටුවා. එයාගෙ වැරදි දේ මම දැක්කා. මට එකඟ විය නොහැකි දේට එයා එකඟ වුණා. මාත් එහෙම වුණා. ජීවිතය දෙන්නට දෙන්නා තේරුම් ගත්තා. |
0 comments:
Post a Comment