.jpg)
ඕනෑම අම්මා කෙනෙක් වගේම තමන්ගේත් එකම අරමුණ දරුවගෙ වැඩවලට මුල් තැන දීම බව උදාරි වර්ණසූරිය පවසනවා. උදාරි මෙහෙම කියන්නේ වසරක් විතර කාලයක් සිංගප්පූරුවේ ගත කරමින් සිට මෙහි පැමිණියාට පසුවයි. දැන් දුව ටිකක් ලොකු නිසා තමා රඟපෑමට නැවතත් එක්ව සිටින බවත් ඇය පවසනවා.
.jpg)
අවුරුදු දෙකක් විතරම හිටියෙ සිංගප්පූරුවෙ. ඒත් මාස දෙකින් දෙකට වගේ ලංකාවට ඇවිත් ගියා. මේ මාසෙන් පසුව දිගටම ලංකාවේ ඉන්නයි කල්පනාව.
![]() |
![]() |
![]() |
.jpg)
සූදානම නෙවෙයි, දැනටමත් රඟපෑමේ කටයුතු බාරගෙනයි තියෙන්නේ.
.jpg)
නිල්වලා ආයතනයේ සහ තවත් මෙගා නාට්‍ය කීපයක රඟපෑම් බාරගත්තා.
.jpg)
අද මෙගා කිව්වට ඒවා බොහෝ වෙලාවට සීමා වන්නේ කොටස් සියයකට වගෙයි. ඉතින් ඒවගේ නාට්‍යවල රඟපාන්න කැමතියි.
.jpg)
මවක් තම යුතුකම් වටහා ගන්න ඕනෑ. ඒ යුතුකම් ඉටු කරන අතරේ, මට මගේ ආදරණීය පේ‍්‍රක්ෂක ජනතාවගෙන් ලැබුණ ආදරයට ගරු කරන්නත් ඕනෑ. දරුවා ලැබෙන්නට පෙර මම ජනප‍්‍රිය නිළිය සම්මානය රැගෙන ගෙදර ගියේ. ඉතින් පේ‍්‍රක්ෂක ජනතාවගේ ඒ ආදරයට මම ගරු කරන්න ඕනෑ.
.jpg)
ඒක මට නැතිවෙලා නැහැ. මට ඉන්නෙ අවංක පේ‍්‍රක්ෂක පිරිසක්.
.jpg)
ඒ වෙනුවෙන්ම නෙවෙයි. රඟපෑම මගේ විනෝදාංශයයි. ඒ නිසා පේ‍්‍රක්ෂකයින් පිනවීමට ලැබීම භාග්‍යයක්.
.jpg)
පේ‍්‍රක්ෂකයින් පිනවීම සරල කාරණයක් නෙවෙයි. ඒ වෙනුවෙන් හොඳ රඟපෑමක්, හොඳ නිර්මාණයක් කරන්න ඕනෑ. සරල හෝ ශාස්ත‍්‍රීය ඕනෑම දෙයක් හරියට කරන්න ඕනෑ.
.jpg)
ඇත්තටම සුජිත් මට ලොකුම හයියක්. ඒ වගේ කෙනෙක් ලැබීම මගේ වාසනාවක්. කලා කටයුතුවලට මාව උනන්දු කරවන්නේ එයා.
.jpg)
එයාට රඟපාන්න තියා හෙල්ලෙන්න එවලාවක් නැහැ. වෛද්‍යවරයකු හැටියට සුජිත් අතිශයින්ම කාර්ය බහුලයි.
.jpg)
සුජිත්ගෙ උපන් දිනයට මට එයාට තෑග්ගක් දෙන්න ඕනෑ වුණා. ඒ නිසා සම්පත් ප‍්‍රනාන්දුපුල්ලේ ලිව්ව ගීතය භාතිය - සන්තුෂ් සංගීතවත් කළා. මම ගැයුවා. සිංගප්පූරුවෙ අපේ ගෙදර අපේ පරිසරයේදී සියල්ල රූගත කළේ ඉන්දික මල්ලවාරච්චි අයියා. ඒ විදියට තමයි මම සුජිත්ට මියුසික් වීඩියෝ එකක් කළේ. ඒ ආදර කතාවට මමයිxසුජිතුයි හැර වෙන කවුරුවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ඔහුටත් හොඳට රඟපාන්න පුළුවනි.

.jpg)
දරුවා ප‍්‍රසූත කළ දවස්වල මම ගොඩක් තරබාරු වුණා. රාත‍්‍රියට නින්ද නොයන තරමටම එය පීඩනයක් වුණා. ඒත් අපේ තාත්තා මට ව්‍යායාම් ගැන කියලා දුන්නා. තාත්තා ගුවන් හමුදාවේ ක‍්‍රීඩා අංශයේ නිලධාරියෙක්. දැන් විශ‍්‍රාමිකයි. තාත්තා කියාදුන් පුහුණුවීම් කළා. ආහාරපානවලදී පවා ගොඩක් සැලකිලිමත් වුණා. තෙල් කෑම ගොඩක්ම අඩු කළා. ඒ නිසා ඉක්මනට සුපුරුදු නම්‍යශීලී හැඩයට හදාගන්න පුළුවන් වුණා.
.jpg)
මව සහ රඟපෑම කියන්නේ දෙකක්. රඟපෑම මම මගේ ගෙදරට ගෙනියන්නේ නැහැ. මේ දක්වා දරුවාගේ වැඩ කළේ මමයි. කාටවත් ඒවා බාර දුන්නෙ නැහැ. ඒ නිසා කිසිවක් පටලවාගෙන යමක් කරන්න මම කැමති නැහැ.
.jpg)
පසුගිය කාලය පුරාවට කවුරුවත් ඇසුරු කරන්න බැරි වුණා.
.jpg)
කටකතා උපරිමයි, අන්නතයි තමයි. ගොඩක් දේ ගැන දකින් අහන්න ලැබුණත් තමයි. ඒත් සමහර විට මතුපිටින් දකින දේට වඩා ඇතුළාත්නය වෙනස්

.jpg)
නැහැ, එහෙ ගොඩාක්ම තියෙන්නේ විකට ඒවා. ඒ අතින් අපේ නිර්මාණ සහ අපේ නළු නිළියන් ඉතා විශිෂ්ටයි.
.jpg)
මවක ලෙස මගෙන් ඉටුවිය යුතු සියල්ල සැමදා කරනවා. මුල් තැන මගේ පවුලටයි.
.jpg)
හොඳම යාළුවෝ නැහැ. ඒත් ඔක්කොමලා හොඳ යාළුවෝ.
0 comments:
Post a Comment