Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post
දිනපතා සැතපුම් 18 ක් දුර ආබාධිත පුතු ඔසවා ගෙන ගමන් කරන පියෙක් චීනයේ සිචුවාන් ප‍්‍රාන්තයේ සිටියි. ඔහු යූ ෂුකන්ය (40)  වයස අවුරුදු හතලියකි.
දෙකකුල්, දෙඅත් උපතින්ම ඇඹරී, කුදු වුණු ඔහුගේ පුතු ෂියැඔ ක්වැන්ග් 12 හැවිරිදිය. තනිවම කිසිවක් කර ගත නොහැකි නමුත් ෂියැඔ ඉගනීමට ලැදි කමක් හා දක්ෂකමක් දක්වයි. නමුත් මෙම පාසල ඇරෙන්න අනෙක් පාසල් සියල්ල ඔහු බඳවා ගැනීම ප‍්‍රතික්ෂේප කළේය.
මීට වසර 9 කට පෙර යු ෂුකන් තම බිරිඳගෙන් වෙන් විය. පසුව තම පුතු ආදරයෙන් රැක බලා ගැනීමට සිතූ ඔහු යළි විවාහයක් කර ගත්තේද නැත. පුතුගේ සියලූ කාර්යයන් ඉටු වන්නේ ඔහු අතිනි. දිනපතා උදේ 5ට අවදිවන ඔහු කෑම පිළියෙල කර පුතුට කවා පොවා, ඔහු කූඩයක දමා පිටේ එල්ලා ගෙන පාසල වෙත රැගෙන යයි. පසුව ඔහු නැවතත් පැමිණ රැකියාවට ගොස් පාසල ඇරෙන වෙලාවට නැවත ගොස් පුතු රැගෙන එයි.
මේ පිළිබඳ දැනගත් පසු නුදුරු දිනයකදී පාසල අසල ඔවුන්ට නිවසක් කුලියට දීමට එරට බලධාරීන් පොරොන්දු වී තිබේ. ‘සෙන්ටිමීටර 90 ක් උසැති තම පුතු පාපැදියක රැගෙන යාමත් අපහසුය. නමුත් මගේ සිහිනය ඔහු උගතෙකු කිරීමයි.’ ඔහු පැවසීය.
පාසලේ පන්තියේ ඉහළින්ම දස්කම් දක්වන ෂියවො ගැන ආඩම්බර වන බවත්, කෙසේ නමුත් කොපමණ දුරක් ඇවිද ගියත් තම දරුවාට අධ්‍යාපනය ලබා දීමට තමා  ඕනෑම දෙයක් කරන බවත් ඔහු දෑසෙහි කඳුළුක් පුරවා ගනිමින් පැවසීය.

0 comments:

Post a Comment