.jpg)
.jpg)
‘‘වැරදි චෝදනාවක්... මගේ ජීවිතයෙ හැම දවසකම හැම දෙයක් වෙනුවෙන්ම අරමුණක් ඉලක්කයක් තිබුණා. එහෙම නැතිව මම ඔහේ පාවෙලා යන කෙනෙක් නෙමෙයි. මම රඟපෑමට එක් වුණෙත් ඒ විදිහේ අරමුණකින්. රඟපාන්න එන්න කලින් මම නිරූපන ක්ෂේත්රයෙ හිටියෙ. එතන ඉද්දී තමයි රඟපෑමට කැමැත්ත ඇති වුණේ. ඒත් මම කියන්නෙ නෑ අද වෙද්දී මගේ ඒ සියලූ අරමුණු ඉලක්ක මම සාර්ථක කරගෙන ඉන්නවා කියලා. ඒ වගේම සතුටක් තියෙනවා, යම්තාක් දුරට හරි මගේ අරමුණු ඉලක්ක සාර්ථක වෙලා තියනවා කියලා’’
.jpg)
‘‘මම මගේ ජීවිතයේ කවදාවත් මවා පෑම් පෙන්නගෙන ඉඳලා නෑ. මම එහෙම මානසිකත්වයක කෙනෙක් නෙමෙයි. මට මගේ දෙමව්පියන්ගෙන් ලැබුණු උරුමයක් වෙන්නැති තමන්ගේ පාඩුවෙ ජීවත්වෙන එක. මම හැමදාම හිටියෙත් ඉන්නෙත් එහෙමයි. මගේ ඒ විදිහ ගැන මම ගැන දන්න අය හොඳින්ම දන්නවා.’’
.jpg)
‘‘ඇත්ත, මම කාත් එක්කවත් ළඟ ඇසුරක් නෑ තමයි. ඒත් ඕන කෙනෙක් එක්ක සුහදව ඉන්න මම දන්නවා. ළඟ ඇසුරු තියාගන්නවා කියලා. අදහස්වලින් ගැලපෙන්නෙ නැති අයත් එක්ක එකතුවෙලා ඒ තුළින් අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දාගන්න මම කැමති නෑ. මම දෙබඩි ජීවිත ගත කරන්න කැමති නෑ. මගේ ඒ විදිහ එදා ඉඳලම තියන දෙයක් ඒ නිසා ඒක චෝදනාවකට ලක් කිරීම ආසාධාරණයි කියලයි මට හිතෙන්නේ.’’
.jpg)
.jpg)
‘‘මම රඟපාන්න චරිතයක් බාර ගනිද්දී ඒ හැම චරිතයක්ම වගේ කඩඉමක් විදිහට හිතාගෙන තමයි කටයුතු කරන්නෙ. තාම මට රංගනය වෙනුවෙන් සම්මාන ලැබිලා නෑ. ඒත් මගේ රඟපෑම් සම්මාන වෙනුවෙන් නිර්දේශිත වෙලා තියෙනවා. සම්මාන බලාගෙනම.... ඇගයීම් බලාගෙනම නෙමෙයි රඟපාන්නෙ. හොඳ දෙයක් ඒ චරිතය වෙනුවෙන් කරන අදහසිනුයි.’’
.jpg)
‘‘චරිතයක් ලැබුනම මම ඒක රඟපානවා විතරයි. ඒකෙන් උවමනාවෙන් මතු වෙන්න මම උත්සාහ කරන්නේ නෑ. අනෙක ‘‘සුුුදු හංසි’’ චිත්‍රපටයෙ මම රඟපෑවෙ ප්‍රධාන චරිතයක් නෙමෙයි.
මගේ ඒ චරිතය මගේ සීමාවන් තුළ මම රඟපෑවා.
රඟපෑමක් තුළින් පමණක් නෙමෙයි, සාමාන්‍ය ජීවිතයේදීවත් මම කිසිම දේකින් අනවශ්‍ය විදිහට මතුවෙලා පෙනෙන්න උත්සාහ කරන්නේ නෑ.’’
.jpg)
‘‘අනේ නෑ මට එහෙම චෝදනා කරන්න එපා. හැබැයි පුංචි කාලෙ ඉඳලම මගේ හිත ඇතුළෙ ලොකු හීනයක් තිබුණා ගායිකාවක් වෙන්න. ඒ නිසාම මම සංගීතයත් ඉගෙන ගත්තා. ඒත් දෛවය මාව ගායිකාවක් කරනවා වෙනුවට නිළියක් කළා. නිළියක් හරහා ගායිකාවක් වෙන්න අද මගේ උත්සාහයක් නෑ. අනෙක කිසිම වෙලාවක මාව ගායිකාවක් විදිහට හඳුන්වන්නත් එපා. මොකක්දෝ වාසනාවකට යම් තරමකින් ගීත ගායනා කරන්න පුළුවන් කට හඬක් මට තියෙන නිසා ඒ කටහඬින් ප්‍රයෝජනයක් ගන්නයි මම උත්සාහ කරන්නේ.’’
.jpg)
‘‘නෑ....නෑ.... මම එහෙම කෙනෙක් නෙමෙයි. විවාහයක් සිද්ධවෙන්නත් වාසනාවක් වගේම ඒකට වෙලාවක් එන්න ඕනෙ. මට හොඳ පෙම්වතෙක් ලබන්න වාසනාව ලැබුණත් විවාහ වෙන්න තාම හොඳ වෙලාව ඇවිත් නෑ.... හැබැයි තාමත් මට ඉන්නෙ එදා හිටපු පෙම්වතාම තමයි.. මගේ විවාහය සිද්ධවෙන්නෙත් එයා එක්කම තමයි. මම ජනප්‍රියත්වය ගැන හිතලා විවාහය කල්දාන කෙනෙක් නම් නෙමෙයි.’’
.jpg)
‘‘ අනේ නෑ. මම ජගත් චමිල අයියත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්තෙ නෑ. මට සිද්ධවුන අහඹු සිදුවීමක් මාධ්‍යයට කිව්වා විතරයි. ඒකට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබිලා තිබුණා. මම කලා ලෝකයට ආවෙ ඒ තුළින් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න අදහසින් නෙමෙයි. ඒ විදිහට ජනප්‍රියත්වයක් ලබන්න මේනියාවක් මට ඇත්තෙම නෑ.’’
.jpg)
‘‘....අනේ නෑ.. මම කාගෙවත් ගීත මගේ වගේ කරගන කතා කරන්නෙ නෑ. ගායනයට තියෙන ආශාව නිසා. මට ලෝභ හිතෙන කාගෙ හරි ගායිකාවකගෙ ගීතයක් ගායනා කරන්න පුංචි උත්සාහයක් කරන එක විතරයි මම කරන්නේ.’’
.jpg)
‘‘බොරු බොරු .... කොහෙත්ම නෑ.”
0 comments:
Post a Comment