Breaking News
Loading...
Thursday, March 13, 2014

Info Post
අත්අඩංගුවට ගනු ලැබූ පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි හා ඒවා පරීක්‍ෂා කරන පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්...

ලසිත දුමින්ද

රුපියල් ලක්‍ෂ 35 කට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලි කිලෝ 21,750ක්‌ කොටහේන ආහාර නිෂ්පාදනාගාරයක තිබී සොයා ගැනීමට පාරිභෝගික අධිකාරිය පෙරේදා (11 වැනිදා) සමත් වී ඇත.

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට අවශ්‍ය තුනපහ නිෂ්පාදනයට මෙම නරක්‌ වූ හා පුස්‌කා තිබූ කොත්තමල්ලි උපයෝගී කරගෙන තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පරිභෝජනයට නුසුදුසු කොත්තමල්ලිවලින් නිෂ්පාදනය කර තිබූ තුනපහ තොගයක්‌ වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවද පාරිභෝගික අධිකාරිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

එසේම එම කොත්තමල්ලිවලින් නිෂ්පාදනය කරන ලද තුනපහ මිලදී ගත් ව්‍යාපාරික ස්‌ථාන සම්බන්ධයෙන් සොයා බලා එම තොග තම භාරයට ගැනීමට පියවර ගන්නා බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

පාරිභෝගික ක්‍ෂණික දුරකථන අංකයට ලද තොරතුරකට අනුව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් අංශය එම වැටලීම සිදුකර ඇත.

පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ ළඟ තබා ගැනීම හා විකිණීම සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරික ස්‌ථානයේ හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතය.

0 comments:

Post a Comment