
කොළඹ වරායේ පැවැති වෙන්දේසියකට ඉදිරිපත් කර තිබූ ප්‍රාඩෝ ජීප් රථ දෙකක් අඩු මුදලට ලබා දිය හැකි බව පවසා සැකකරු ගල්කිස්‌ස ප්‍රදේශයේ පදිංචිකරුවකුගෙන් රුපියල් ලක්‍ෂ 27 ක මුදලක් ලබාගෙන ඇත.
එහෙත් සැකකරු අදාළ ජීප් රථ දෙක ලබාදීමට අපොහොසත් වී ඇති අතර ලබාගත් මුදල් ද ආපසු දීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් ගලිගමුව ප්‍රදේශයේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සැකකාර ප්‍රාදේශීය සභා විපක්‍ෂ නායක තවත් වංචාවන් කීපයකට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ කොට්‌ඨාසය පවසයි.
අපරාධ කොට්‌ඨාසය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
0 comments:
Post a Comment