පොලිස් නිලධාරියකු විසින් තම බිරිඳ රවටා රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වරින්වර ලබාගෙන මුදල් නොදී වංචා කළ බවට නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට ඉකුත් මාර්තු 10 වැනිදා ව්‍යාපාරිකයකු විසින් පැමිණිල්ලක් කර තිබේ.
එම පොලිස් නිලධාරියා විසින් මුදල් ඉල්ලා සිටි විට මරණීය තර්ජන එල්ල කළ බවටද එම ව්‍යාපාරිකයා විසින් එදිනම CIB(I) 126රැ148 යටතේ මාරවිල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දැනට වැල්ලව ප්‍රදේශයේ පොලිසියක සේවය කරන කලක් මාරවිල පොලිසියේ සේවය කළ මෙම නිලධාරියා සිය බිරිඳගෙන් විවිධ අවශ්‍යතා මත මෙම මුදල් ඉල්ලා ගත් බවට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙතද, පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණද එයට සාධාරණ පරීක්ෂණයක් සිදු නොවූ බව එම ව්‍යාපාරිකයා පවසයි.
මෙම පොලිස් නිලධාරියා තවත් ව්‍යාපාරිකයන් තිදෙනකුගෙන් රුපියල් ලක්ෂ 3 1/2 ක මුදලක් ලබාගත් බවට ඉකුත් පෙබරවාරි අග භාගයේ මාරවිල පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස පැමිණිලිකරුවෝ ඉල්ලා සිටිති.
ව්‍යාපාරිකයාගේ බිරිඳ රවටාගෙන පොලිස් නිලධාරියා ලක්ෂ 20කට විදී
Info Post
0 comments:
Post a Comment