පුද්ගලයන් 239 දෙනෙකු සමග අග්නිදිග ආසියානු ගුවනේ පසුගිය සෙනෙසුරාදා සිට අතුරුදන්ව ඇති මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් දැන් ඉන්දියන් සාගර කලාපය වෙත යොමුවී තිබෙනවා. පරීක්ෂණ මෙහෙයුම්වලට සහය වන ඇමෙරිකානු පරීක්ෂණ කණ්ඩායම් මෙලෙස පුළුල් ගවේෂණ මෙහෙයුම සිදුකරනු ලබනවා. ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං බලා නැගෙනහිර දෙසට ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ යානය අවසන් වරට රේඩාර් තිරයේ දිස්වූ ස්ථානය කේන්ද්‍රකොට ගෙන පරීක්ෂණ මෙහෙයුම් මුලදී සිදුකෙරුණා. තායිලන්ත බොක්ක සහ දකුණු චීන මුහුද ආශ‍්‍රිතව සිදුකරන මෙම මෙහෙයුම්වලදී සාර්ථක ප‍්‍රතිඵල අත් කර ගැනීමට හැකිවූයේ නැහැ. කෙසේ නමුත්, චන්ද්‍රිකා මගින් යානයේ සුන්බුන් ඇති බවට හෝඩුවාවක් ලබාදී ඇත්තේ එම මුහුදු ප‍්‍රදේශයේයි.
කෙසේ නමුත්, යානයේ එන්ජිම නිෂ්පාදනය කළ ඇමෙරිකානු රෝල්ස් රොයිස් සමාගම ලබා ගත් දත්තවලට අනුව හෙළිවී ඇත්තේ යානය අතුරුදන්වූ වේලාවේ සිට පැය කිහිපයක් ගුවනේ් රැුදී සිට ඇති බවයි. එමෙන්ම යානය අතුරුදන්වීමට පෙර හරවා තිබූ බවට ද තොරතුරු ලැබුණා. මේ හේතුවෙන්, යානයේ සුන්බුන් සෙවීමේ කටයුතු බටහිර දෙසට එනම්, මලක්කා සමුද්‍ර සන්ධියේ සිට අන්දමන් ¥පත දක්වා ඉන්දීය සාගර කලාපය වෙත යොමුවී තිබෙනවා.
අතුරුදන්වූ යානය සෙවීමේ මෙහෙයුම් ඉන්දියන් සාගරයට.
Info Post
0 comments:
Post a Comment