අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් කසක්ස්ථානයේ සිට දක්ෂිණ සාගර කලාපය දක්වා ව්‍යාප්ත කර තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, ඒ සඳහා ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 26ක් එක්ව සිටින බව ය.
මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය හිෂමුඩීන් හුසේන් පවසා ඇත්තේ, මේ වන විට වර්ග සැතපුම් මිලියන දෙකක ප්‍රදේශයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ය.
එහෙත් මේ වන තෙක් අදාළ යානය පිළිබඳව කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.
මේ අතර, අදාළ යානයේ සිටි චීන ජාතිකයින් සෙවීමේ කටයුතු වේගවත් කරන ලෙසට චීනය බල කර තිබේ
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.