.jpg)
.jpg)
”කොහෙත්ම නෑ... මම නිළිකම ඔලූවට ගත්තෙ දර්ශන තලයෙදි විතරයි. අනිත් හැම වෙලාවකම මමත් සාමාන්‍ය කෙනෙක්... ඒක මගෙ යාළුවො දන්නවා... මම ගැන දන්න අය දන්නවා... ඇයි මම නිළිකම ඔලූවට ගන්නෙ... මට එහෙම උවමනාවක් නෑ. කාංචනා මෙන්ඩිස් කියන්නෙ හැමදාමත් මේ මහපොළවෙ පය ගහලා ඉන්න නිළියක් විතරයි...”
.jpg)
”මට ඒ විදිහෙ චෝදනාවක් කරනව නම් මම ඒක ප‍්‍රතික්ෂේප කරන්නෙත් නෑ. නිළියක් වෙන්න හීනෙකින්වත් නොහිතපු මොහොතකයි ධර්මසේන පතිරාජ මහත්තයා මට රඟපාන්න අවස්ථාවක් දුන්නෙ... අද මම ඉන්නෙ එදා ඒ පටන්ගත්තු ගමනෙයි. මගේ ඒ ආරම්භයෙ ලොකු වටිනාකමක්... වාසනාවක් තියෙනවා කියලා මට හිතෙනවා...”
(4).jpg)
.jpg)
නෑ.. සම්මාන වලට මගේ පෙරේත කමක් නම් නෑ.. ඒත් මම හැම තිස්සෙම උත්සාහ කරන්නෙ එක රඟපෑමකින් තවත් රඟපෑමකට පියවරකින් හෝ ඉදිරියට යන්නයි... ඒ තුළින් සම්මානයකට හිමිකම් කියන්න ලැබෙනව නම් ඒක හිතට සතුටක් වගේම මේ ගමනට ධෛර්යක් වෙනවා. රංගනයේ යෙදෙන කවුරුත් සම්මානනීයත්වයට පත්වෙන්න කැමතියි. අන්න ඒ කැමැත්ත තමයි මටත් තියෙන්නෙ. ඒත් ඒක පෙරේතකමක් කියලා කියනවට නම් මම කැමති නෑ”
x පසුගියදා පැවති සුමති සම්මාන උළෙළෙදිත්
කොහොමහරි හොඳම නිළිය සම්මානය ඩැහැගත්තා...
”හොඳම නිළිය සම්මානය ‘ඩැහැගත්තා’ කියන වචනයට නම් මම කැමති නෑ. එහෙම වුණොත් හිතෙන්නෙ ඒක මම බලපෑම් කරලා ලබා ගත්තා වගේ හැඟීමක්. ඒ හොඳම නිළිය සම්මානය මට ලැබුනෙ විනිශ්චය මංඩලයක තීරණයකින්. ඒ නිසා ඒක වටිනාකමක් තියෙන සම්මානයක්. ඒ වගේම කියන්න ඕනෙ සුමති සම්මාන උළෙලෙදි ඒ හොඳම නිළිය සම්මානය මට ලැබුනෙ ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙනුයි. ඒ ටෙලි නාට්‍ය වෙනුවෙන්ම මීට කලින් පැවති ‘රයිගම්’ සම්මාන උළෙලෙදිත් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ නිසා මේ චෝදනාව සාධාරණ එකක් නෙමෙයි.
කොහොමහරි හොඳම නිළිය සම්මානය ඩැහැගත්තා...
”හොඳම නිළිය සම්මානය ‘ඩැහැගත්තා’ කියන වචනයට නම් මම කැමති නෑ. එහෙම වුණොත් හිතෙන්නෙ ඒක මම බලපෑම් කරලා ලබා ගත්තා වගේ හැඟීමක්. ඒ හොඳම නිළිය සම්මානය මට ලැබුනෙ විනිශ්චය මංඩලයක තීරණයකින්. ඒ නිසා ඒක වටිනාකමක් තියෙන සම්මානයක්. ඒ වගේම කියන්න ඕනෙ සුමති සම්මාන උළෙලෙදි ඒ හොඳම නිළිය සම්මානය මට ලැබුනෙ ‘මේ වසන්ත කාලයයි’ ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙනුයි. ඒ ටෙලි නාට්‍ය වෙනුවෙන්ම මීට කලින් පැවති ‘රයිගම්’ සම්මාන උළෙලෙදිත් මට හොඳම නිළිය සම්මානය ලැබුණා. ඒ නිසා මේ චෝදනාව සාධාරණ එකක් නෙමෙයි.
.jpg)
”මම රඟපාන්න ආපු දවසෙ ඉඳලා මේ වෙනකම් කවදාවත්ම චරිත ඉල්ලගෙන අධ්‍යක්‍ෂකවරු පස්සෙ ගිහින් නෑ. හැබැයි මට ලැබෙන්න තිබුන චරිත නම් මට නොලැබී ගිය අවස්ථා තියෙනවා. මට ආරාධනා ලැබෙන චරිත රඟපානවා ඇරෙන්න වෙනත් ක‍්‍රම වලින් මම චරිත ලබාගෙන නෑ. එහෙම පුරුදු මට නෑ”
මේ දවස්වල විකාශය වන ‘ගිරිකුළ’ ටෙලිනාට්‍යයේ රඟපාන මුතුමැණිකගෙ චරිතයත් ඒ විදිහට ලබාගත්තු චරිතයක්...
”කොහෙත්ම නෑ... ‘අඹු දරුවො’ ටෙලි නාට්‍යයෙ රඟපෑවට පස්සෙ මම සුදත් රෝහනගෙ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නෙ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයෙනුයි. ඊට කලින් සුදත් මට ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයේ චරිතයකට කතා කළා. ඒත් ඒ වෙද්දි මට පුතා ලැබෙන්න හිටපු නිසා ඒ චරිතය භාරගන්න බැරිවුණා. සුදත් රෝහණ කියන්නෙ තමන්ට අවශ්‍යම කෙනා චරිතයට සම්බන්ධ කරගන්න අධ්‍යක්‍ෂකවරයෙක් මිසක් හිතවත්කකම් වලට චරිත ලබා දෙන අධ්‍යක්‍ෂවරයෙක් නෙවෙයි කියන එක ෙක්‍ෂත‍්‍රයෙ ඕනම කෙනෙක් දන්න දෙයක්”
.jpg)
”නෑ... ඒත් ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයෙ මම රඟපාන මුතුමැණිකෙගෙ චරිතය මම මෙතෙක් නොකල අන්දමේ ප‍්‍රබල චරිතයක්. මම හිතනවා ඒ වෙනුවෙන් මට උපරිමය කරන්න පුලූවන් වුණා කියලා. අපි රඟපාන චරිතයක් වෙනුවෙන් සම්මානයක් ලැබෙයි කියලා අපි හිතුවට ඒක තීරණය වෙන්නෙ ඒ ඒ විනිශ්චය මංඩල වල තීරණයන්ට අනුවයි... මට සම්මාන ලැබෙයිම කියලා බොහෝ දෙනා හිතපු අවස්ථාවල මට සම්මාන නොලැබුණ අවස්ථා තියෙනවා. ඒ එක උදාහරණයක් තමයි මම රඟපාපු ‘ඉසුරුයෝගය’ ටෙලි නාට්‍යයෙ චරිතය. තවත් අවස්ථාවක මම රඟපාපු ටෙලි නාට්‍ය වැඩි ගණනක් විකාශය වුණ අවුරුද්දක ජනප‍්‍රියම නිළිය වුණේ මම නෙවෙයි...”
.jpg)
.jpg)
”නෑ.. ටිකක් වැරදි චෝදනාවක් නෙ.. මම කවදාවත්ම කිව්වෙ නෑ විවාහයෙන් පස්සෙ රඟපෑමෙන් සමුගන්නවා කියලා. රඟපෑම සීමාකරන්න වෙයි කියලායි මම කිව්වෙ. විවාහයෙන් පස්සෙ දැනට මම රඟපාල තියෙන්නෙ ටෙලිනාට්‍ය තුනක පමණයි.
.jpg)
”මම රඟපාන්න ආසයි. ඒ වෙනුවෙන් ලොකු කැමැත්තක් තියෙනවා. මේ වෙද්දි මම රඟපාන්නෙ මුදල මතම හිතන් නෙවෙයි. ඒ රඟපෑම තුළින් මට ලැබෙන තෘප්තිය ගැන හිතලයි. විවාහවෙන්න කලින් නම් මට ලැබෙන හැම චරිතයක්ම රඟපෑවා. ඒත් දැන් මම රඟපාන්නෙ තෝරා බේරාගෙන. මගෙ පවුල් ජීවිතයෙ කටයුතුවලට බාධාවක් නොවෙන විදිහටයි.
.jpg)
”නෑ... මම එහෙම නෑ. මට මේ ෙක්‍ෂත‍්‍රයේ යෙහෙළියො කීප දෙනෙක් විතරයි ඉන්නෙ. එයාලත් එක්ක මම ළඟින්ම ආශ‍්‍රය කරනවා. ඒ ඇරෙන්න හැමෝම ෂේප් එකේ තියාගත්ත අතේ දුරින් කාවවත් ආශ‍්‍රය කරන්නෙ නෑ. ඒ වගේම තමයි කාත් එක්කවත් මගේ අමනාපකමකුත් නෑ. ඕනම කෙනෙක් එක්ක ‘හලෝ’ කියලා කතාකරලා ඉන්න මට පුළුවන්”
.jpg)
”අම්මලා දරුවන්ට ආදරෙයි. අම්මලට දුරපෙනෙනවා. අද මම මෙතන ඉන්නෙ මගේ අම්මා නිසයි... ඔව් මම අම්මාගේ පදේට නටන නිළියක් තමයි. ඒ චෝදනාව මම පිළිගන්නවා.”
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.