Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post
තමන්ට වඩා යතුරුපැදියට පෙම්බැඳි ඇතැයි සැමියා කෙරෙහි කෝප ඉපිදවූ බ්‍රිතාන්‍ය බිරිදක් ඔහුටත් හොරෙන් එය අන්තර්ජාලයේ විකිණීමට යයි.
ඇයගේ වෙළද දැන්වීමෙහි ඇය යතුරු පැදිය හදුන්වාදී ඇත්තේ වැඩකට නැති යකඩ ගොඩක් ලෙසටය.වැඩ නිමවී නිවසට පැමිණි පසු තම සැමියා කරන එකම කාර්යය එයට සාත්තු සප්පායම් කිරීම පමණක් බවද,එයට අමතරව එක් කර ඇති අංගෝපාංග මිලට ගැනීමට වැය කරනුයේ නිවසට ඇවැසි බඩු බාහිරාදිය ගැනීමට,වාර්ෂිකව විනෝද චාරිකාවක් යාමටත්,තමන් ඉතිරි කරගෙන සිටි මුදල් බවත් ඇය කියන්නීය.
ඇයගේ වෙළද දැන්වීමට ලැබී ඇති ප‍්‍රතිචාර අතර විවාහ යෝජනාද වේ.වෙළද දැන්වීම ඇයගේ සැමියාද දැක තිබෙන බව සදහන්වේ.
ඔහු පවසා ඇත්තේ ඇදුම් පැළදුම් හා ආයිත්තම් වලට ඇය ඇලූම් කරන්නාක් මෙන් තමන් යතුරු පැදිවලට ඇලූම් කිරීම තම බිරිද තේරුම්ගෙන නොමැති බවයි.

0 comments:

Post a Comment