Breaking News
Loading...
Monday, March 17, 2014

Info Post
ජපානයේ ගුවන් සමාගමක් කාන්තා ගුවන් සේවිකාවන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දෙයි.
 එය අහසේ නිල් පැහැති ඇඟට හිර මිනි ගවොමකි. ගනුදෙනුකරුවන් ආකර්ශනය කර ගැනීමේ උපායක් ලෙස මෙසේ ගුවන් සේවිකාවන්ගේ ඇඳුම වෙනස් කළහ. ගුවන් සේවිකාවන් සඳහා එය කෙසේවත් සුදුසු ඇඳුමක් නොවන බව පවසමින් ජපානයේ ගුවන් සේවකයන්ගේ පෙඩරලය විරෝධය පළ කරයි.
‘කාර්යබහුල රාජකාරියක නිරත වන ගුවන් සේවිකාවන්ට නිතර තම ඇඳුම් ගැන සැලකිලිමත් විය නොහැකියි. ඉස්සෙන විට හො පහත් වන විට සේරම නිරාවරණය වන පරිදි  මේ ඇඳුම මසා ඇත.
මීට වඩා දිගට ඇඳුම් ඇන්ඳත් කාන්තාවන්ට වන හිරිහැර නවතා ගැනීමට නොහැකි තැන මෙවන් කොට ගවොමකින් සැරසී සිටීමෙන් ඔවුන්ට වන හිරිහැර, අතවර කිසිසේත් වළකා ගත නොහැකි බව ගුවන් සේවිකාවෝ කියතකි.
එසේම කාන්තාවන් නිෂ්පාදිත භාණ්ඩයක් ලෙස සලකා ඔවුන් ගනුදෙනුකරුවන් ආකර්ෂණ  කර ගැනීමට භාවිතා කිරීම අප කෙසේවත් අනුමත නොකරන බවත්, සෑම විටම ආරක්ෂාව ගැන ප‍්‍රථමයෙන් සිතිය යුතු බවත් මෙය ප‍්‍රතික්ෂේප කරමින් ඔවුන් පැවසූහ. එම නිසා ගුවන් ආයතනයේ සදාචාරයට විරුද්ධව ඔවුන්ට පැමිණිලි කළ හැකි බවත් සඳහන් කරයි.


0 comments:

Post a Comment